Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:16 - Sinhala New Revised Version 2018

16 දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දාවිත්ගේ සිංහාසනයෙහි ඉන්න රජු ගැනද නුඹලා සමඟ දාසකමට ගෙනයනු නොලැබූ නුඹලාගේ සහෝදරයන් වන මේ නුවර වාසයකරන මුළු සෙනඟ ගැනද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:16
11 හුවමාරු යොමු  

එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:


එක කූඩයක කලින් ඉදෙන, හොඳ අත්තික්කා පල තිබුණේ ය. අනික් කූඩයේ කන්නට බැරි තරම් ඉතා නරක අත්තික්කා තිබුණේ ය.


ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.


“එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්