එසකියෙල් 4:8 - Sinhala New Revised Version 2018 බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි. Sinhala New Revised Version බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නො-හැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි. Sinhala Revised Old Version බලව, නුඹේ වටලෑමේ දවස් නුඹ තීන්දුකරන තුරු නුඹේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ පිට බැඳුම් තබමි. |
“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රොටි සාදාගන්න. නුඹ එක පසෙකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.
එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.