Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 4:8 - Sinhala New Revised Version

8 බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නො-හැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 බලව, නුඹේ වටලෑමේ දවස් නුඹ තීන්දුකරන තුරු නුඹේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ පිට බැඳුම් තබමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 4:8
3 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත.


“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රො‍ටි සාදාගන්න. නුඹ එක අංශයකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.


එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්