මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.
එසකියෙල් 36:34 - Sinhala New Revised Version 2018 මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය. Sinhala New Revised Version මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය. Sinhala Revised Old Version මග යන සියල්ලන්ට දේශය පාළුවක්ව පෙනුණු නුමුත් එය අස්වද්දනු ලබන්නේය. |
මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ සියලු අපරාධවලින් මා නුඹලා පිරිසිදු කරන දවසේ දී මම නගරවල මිනිසුන් ජනාකීර්ණ කරන්නෙමි. නටබුන් නගර ද ගොඩනඟනු ලබන්නේ ය.
මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය.
නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.
මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”