Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 6:14 - Sinhala New Revised Version 2018

14 මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 6:14
23 හුවමාරු යොමු  

සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


“ ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි.


“මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි.


දීබොන් ද නෙබෝ ද බෙත්-දිබ්ලාතයිම් ද


ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.


නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.


එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


එතැනින් නික්ම අල්මොන්-දිබ්ලාතයිම්හි ද,


මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.


තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


“මා ඔවුන් ජාතීන් අතරට පන්නාදමා විදේශවල විසුරුවාදැමූ කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ ”


මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය.


“මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි.


සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.


මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.


මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය.


ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ ”


මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්