එසකියෙල් 26:1 - Sinhala New Revised Version 2018 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala New Revised Version එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version එකොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පළමුවෙනි දවසේදී ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: |
සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ගෙන් සමහරෙක් සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ගැන විමසන පිණිස අවුත් මා ඉදිරියෙහි හිඳගත්තෝ ය.
කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝ සෙයින් පළිගන්නෙමි. එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.’ ”
“මනුෂ්‍ය පුත්‍රය, තීර් ජෙරුසලමට විරුද්ධ ව කතා කොට, ‘ඔහෝ! ජනයන්ගේ දොරටුව වන ඈ කඩාදමනු ලැබුවා ය. එය මා දෙසට ඇරී තිබේ. ඈ පාළු කරනු ලැබ සිටින නිසා මට පූර්ණකම සෑහීමට ඇති වන්නේ ය’යි සරදම් කරමින් කීවා ය.
නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය.
තවද, විසිහත් වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක:
තවද, එකොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ සත් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.
මට දැන් පෙනෙන හැටියට එප්‍රායිම් සෙනඟ ඔවුන්ගේ දරුවන් ගොදුරු කොට දෙනු ඇත. මරනු ලබන පිණිස ඔවුන් ගෙන යා යුතු ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.
හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය.