Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 26:1 - Sinhala Revised Old Version

1 එකොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පළමුවෙනි දවසේදී ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 26:1
14 හුවමාරු යොමු  

තවද සත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ දසවෙනිදා ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරෙක් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන පිණිස ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය.


තවද හවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පස්වෙනිදා මා මාගේ ගෙදරද, යූදාහි වැඩිමහල්ලන් මා ඉදිරියෙහිද හිඳගනඋන් කල, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ හස්තය එහිදී මා පිටට පැමුණුණේය.


යෙහෝයාඛීන් රජුගේ වහල්කමේ පස්වෙනි අවුරුද්දේ මාසයේ පස්වෙනිදා,


ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ නවවෙනිදා නුවර පවුර බිඳිනලද්දේය.


කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝසෙයින් පළිගන්නෙමි; එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,


දසවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දොළොස්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


තවද විසිහත්වෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


තවද එකොළොස්වෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සත්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මා දුටු ලෙස තීර්මෙන් එප්‍රායිම් ප්‍රසන්න තැනක පිහිටා තිබේ. එහෙත් එප්‍රායිම් තමාගේ දරුවන් මිනීමරන්නා ළඟට පිටතට ගෙනෙන්නේය.


නුඹේ සම්පත්ද නුඹේ බඩුද නුඹේ වෙළඳාම්ද නුඹේ යාත්‍රාකාරයෝද නුඹේ නාවිකයෝද නුඹේ කැඩුම් හරිගස්සන්නෝද නුඹේ වෙළඳාමේ යෙදී සිටින්නෝද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයෝද නුඹ ඇතුළෙහි සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹේ වැටීමේ දවසේදී මුහුද මැද වැටෙන්නෝය.


ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.


ඊට යාව තිබෙන හමාතටත් ඉතා ප්‍රඥාවන්ත තීර්ටත් සීදොන්ටත් ඒක විරුද්ධය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්