එසකියෙල් 8:1 - Sinhala New Revised Version 20181 තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 තවද හවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පස්වෙනිදා මා මාගේ ගෙදරද, යූදාහි වැඩිමහල්ලන් මා ඉදිරියෙහිද හිඳගනඋන් කල, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ හස්තය එහිදී මා පිටට පැමුණුණේය. පරිච්ඡේදය බලන්න |
එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.