ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.
එසකියෙල් 25:15 - Sinhala New Revised Version 2018 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින් Sinhala New Revised Version මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින් Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පිලිස්තිවරුන් පළිගන්න ලෙස ක්‍රියාකොට, පුරාණ සතුරුකමින් විනාශකිරීමට සිතේ උඩඟුකමින් පළිගත් බැවින්, |
ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.
පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය.
මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.
නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.
අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්,
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් ජුදා සෙනඟගෙන් පළිගන්න ලෙස ක්‍රියා කොට බොහෝ සෙයින් වරදකාරයන් වූ නිසාත්, ඔවුන්ගෙන් පළිගත් නිසාත්
“ ‘මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ අත්පොළසන් දී, ප්‍රීතියෙන් නටමින් නුඹේ මුළු උඩඟුකමින් ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව සිතෙන් ප්‍රීති වූ බැවින්,
එ”නුඹ නිරන්තරයෙන් සතුරුකම් කරමින් සිට, අන්තිම දඬුවමට මූණ පා සිටි ඉශ්රායෙල් සෙනඟගේ විපත්ති කාලයේ දී ඔවුන් කඩුවේ බලයට පාවා දුන් බැවින්,