Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:18 - Sinhala New Revised Version 2018

18 පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 පිලිස්තිවරුද පාත රටේ සහ යූදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:18
13 හුවමාරු යොමු  

“ ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි.


ශොරා, අයාලෝන් සහ හෙබ්‍රොන් වේ. ජුදාහි ද බෙන්ජමින්හි ද තිබෙන නගරවලට බලකොටු තැනී ය.


ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.


සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.


කඳු රටේ තිබුණු ඒවා නම්: ෂාමිර් ද ජත්තීර් ද සෝකෝ ද


ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.


බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.


පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.


ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්;


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින්


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්