Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 25:15 - Sinhala Revised Old Version

15 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පිලිස්තිවරුන් පළිගන්න ලෙස ක්‍රියාකොට, පුරාණ සතුරුකමින් විනාශකිරීමට සිතේ උඩඟුකමින් පළිගත් බැවින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 25:15
22 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම් යූදා වංශයෙන් පළිගන්න ලෙස ක්‍රියාකොට බොහෝසෙයින් වරදකාරයන් වූ නිසාත් ඔවුන්ගෙන් පළිගත් නිසාත්,


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ අත්පොළසන් දී, අඩිහපා, නුඹේ මුළු උඩඟුකමින් ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව සිතෙන් ප්‍රීතිවූ බැවින්,


මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්,


පිලිස්තිවරුද පාත රටේ සහ යූදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.


සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.


ඔහුගේ පුත්‍රයා සාබාද්ය, ඔහුගේ පුත්‍රයා ෂුතෙලාය. ඒ ඇර එසේර් සහ එලෙයාද්ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් ගෙනයන්ට බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝය.


නුඹ නිරන්තරයෙන් සතුරුකම පවත්වමින් සිට අන්තිමයේ අයුතුකමේ කාලයට පැමුණුණු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විපත්ති කාලයේදී ඔවුන් කඩුවේ බලයට පාවාදුන් බැවින්,


ඔව්හු එක අදහසින් එක්ව මන්ත්‍රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.


ආහාස් රජු මැරුණු අවුරුද්දේ මේ දිව්‍ය ප්‍රකාශනය විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්