එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.
උත්පත්ති 42:36 - Sinhala New Revised Version 2018 එවිට ඔවුන්ගේ පියා වන ජාකොබ් ඔවුන් අමතමින්, “නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහු ය. ජෝසෙප් දැන් නැත. සිමියොන් ද නැත, බෙන්ජමින් ද රැගෙන යෑම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මම ය”යි කීවේ ය. Sinhala New Revised Version එවිට ඔවුන්ගේ පියා වන ජාකොබ් ඔවුන් අමතමින්, “නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහු ය. ජෝසෙප් දැන් නැත. සිමියොන් ද නැත, බෙන්ජමින් ද රැගෙන යෑම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මම ය”යි කීවේ ය. Sinhala Revised Old Version ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය. |
එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.
තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.
ඔහු ද වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඒවා අවුස්සා බැලූ විට බෙන්ජමින්ගේ ගෝණියේ තිබී කුසලාන සම්බ විය.
එවිට ජාකොබ් හෙවත් ඉශ්රායෙල් කතා කරමින්, “දැන් ඇති, මා පුත් ජෝසෙප් තව ම ජීවත් ව සිටියි, මා මැරෙන්න කලින් ගොස් ඔහු දැකගත යුතු ය”යි කීවේ ය.
තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.
“දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න; වාසනාව මින් මතු මා නොදකිනු ඇත.
විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.
“මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය.
ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.
තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?
පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.
දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි.
දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: “යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.”