Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 42:37 - Sinhala New Revised Version 2018

37 එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 එවිට රූබෙන් තමාගේ පියාට කථාකොට: මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම්නම් මාගේ පුත්‍රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු භාරදුන මැනවි, මම ඔහු ඔබ ළඟට නැවත ගෙනඑන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:37
6 හුවමාරු යොමු  

එවිට ඔවුන්ගේ පියා වන ජාකොබ් ඔවුන් අමතමින්, “නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහු ය. ජෝසෙප් දැන් නැත. සිමියොන් ද නැත, බෙන්ජමින් ද රැගෙන යෑම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මම ය”යි කීවේ ය.


ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.


මම ඔහු ගැන ඇපකාරයෙක් වෙමි. ඔහු ගැන වගකීම මා පිට පවරන්න. මම ඔබ වෙත ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි ඔහු නොසිටුවන්නෙම් නම්, සදහට ම ඒ ගැන මම වරදකරු වන්නෙමි.


රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී;


දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්