නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.
උත්පත්ති 37:2 - Sinhala New Revised Version 2018 ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය. Sinhala New Revised Version ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය. Sinhala Revised Old Version යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය. |
නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.
මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි.
ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය.
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි.
මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත.
ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක.
නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය.
ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.
සහෝදරයෙනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මත භේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැළ කර ඇති බැවිනි.
පළමු ව ඔබ සභාවක් වශයෙන් රැස් වන විට ඔබ අතර භේද තිබෙන බව ආරංචි වී ඇත. එය තරමක් දුරට විශ්වාස කරමි.
මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.