Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 30:4 - Sinhala New Revised Version 2018

4 මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:4
12 හුවමාරු යොමු  

එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට, “බලන්න, සමිඳාණන් වහන්සේ මා දරු පල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර, මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහරවිට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්න පුළුවනැ”යි කීවා ය. ආබ්‍රම් ද සාරයිගේ කීමට එකඟ විය.


එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.


නාහෝර්ගේ උපභාර්යාව වන රෙයුමා, තෙබා, ගහම්, තහෂ් හා මයකා යන දරුවන් ලැබුවා ය.


ආබ්‍රහම් නැවත කෙතුරා නම් බිරිඳක සරණ පාවාගත්තේ ය.


එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.


ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි.


ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය.


සේවිකාවන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්සරහින් සිටෙව්වේ ය. ඔවුන්ට පිටුපසින් ලෙයා සහ ඇගේ දරුවන් ද ඔවුන්ටත් පිටුපසින් රාකෙල් සහ ජෝසෙප් ද සිටෙව්වේ ය.


තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.


මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්