Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:7 - Sinhala New Revised Version 2018

7 ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹලාට වෛරකරන්ට ලෝකයාට බැරිය; නුමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු මට වෛරකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:7
27 හුවමාරු යොමු  

“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ.


දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?


ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය; ඔව්හු ලෝක ව්‍යවහාරය අනුව කතා කරති. එබැවින් ලෝකයා ඔවුන්ට සවන් දෙති.


අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.


මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.


මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.


ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.


මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.


එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි. මට වෛර වන සියල්ලෝ මරණයට පෙම් කරති.”


අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත! ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.


ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”


අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක.


උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි; ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති.


ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම්


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්