Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 5:1 - Sinhala New Revised Version 2018

1 මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 මිසදිටුවන් අතරේ පවා නො ඉවසන අන්දමේ ලිංගික අනාචාරයක් ඔබ අතරේ සිදුවන වග සැබවින් ම ආරංචි වී ඇත. ඒ, කෙනෙක්, තම පියාගේ භාර්යාව තියාගෙන සිටින වගයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මිත්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 5:1
32 හුවමාරු යොමු  

එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


පසුතැවී සිත හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාමමිථ්‍යාචාරය ගැන පසුතැවී සිත හරවා ගැනීමට අකමැති වන්නී ය.


එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.


ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.


නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි.


මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම,


දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය.


මා නැවත ආ කල, මාගේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ මා පහත් කරනු ඇද්දැ යි කියා ද, පව්කොට, තමන් කළ අපිරිසිදුකම ද වේශ්‍යාකම ද සල්ලාලකම ද ගැන මෙතෙක් පසුතැවී සිත් හරවා නොගත් බොහෝ දෙනා ගැන මට වැලපෙන්නට වේ දෝ කියා ද බිය වෙමි.


අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි.


“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.


අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,


එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.


රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.


පෙම්වතුන් ලුහුබැඳ යන්නට නුඹලා හොඳ හැටි දන්නහු ය. නුඹලා නපුරු ස්ත්‍රීන්ට පවා නුඹලාගේ මාර්ග උගන්වා ඇත.


මා ඔබට ලියා එවූ නමුත්, මා එසේ ලීවේ වරද කළ අය නිසා වත්, වරද වින්ද අය නිසා වත් නොව, අප කෙරෙහි ඇති ඔබගේ හිතවත්කම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබට ප්‍රකාශ වන පිණිස ය.


සහෝදරයෙනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මත භේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැළ කර ඇති බැවිනි.


දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;


එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.


‘තම පියාගේ බිරිඳ සමඟ සයනය කොට, පියාට නින්දා කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.


“යම් පුරුෂයෙකු තම පියාගේ බිරිඳ සරණ පාවාගෙන ඒ පියාට නින්දා කළ යුතු නොවේ.”


සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ.


ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය.


දාවිත් ජෙරුසලමෙහි රජ මැදුරට පැමුණුණ විට, එය බලාගැනීමට ඔහු තබා ගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන, ඔවුන් රැකවල් යටතේ තබා ඔවුන්ගේ වුවමනාවන් සපයා දුන්නේ ය. එහෙත්, ඔහු ඔවුන් සමඟ එක් නො‍ වී ය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා ම සිරගත ව වැන්දඹුවන් මෙන් සිටියෝ ය.


මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.


මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.


යමෙකු තම පියාගේ භාර්යාවක සමඟ සයනය කළොත්, ඔහු තම පියාට නින්දා කරනු ඇත; ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. තමන්ගේ මරණ ගැන ඒ දෙදෙනා ම වගකිව යුතු ය.


එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.


ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය.


තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.


එහෙත් යමෙක් දුක් දී ඇත්නම් ඔහු දුක් දී ඇත්තේ මට නොව, තරමක්දුරට ඔබ හැමට ය. මෙසේ කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්