මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය.
උත්පත්ති 28:21 - Sinhala New Revised Version 2018 අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. Sinhala New Revised Version අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. Sinhala Revised Old Version මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක, |
මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය.
සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.
මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.
එවිට නාමන්, “එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත.
ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.
සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.
ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපනත් පිළිපැදීමටත්, උන් වහන්සේට කීකරුවීමටත් පොරොන්දු විය යුතු ය.
මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය.