Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 15:8 - Sinhala New Revised Version 2018

8 මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:8
14 හුවමාරු යොමු  

මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය.


අබ්සලොම් කතා කොට, “මෙහි පැමිණෙන්නැ යි ඔබට පණිවුඩ එව්වේ, ‘මම ගෙෂූර් සිට ආවේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියෙම් නම් හොඳ ය’ කියා දන්වා ඔබ රජු වෙත යවන පිණිස ය. ඉතින් මට රජුගේ මුහුණ දකින්නට ලැබේවා. මා තුළ අපරාධයක් ඇත්නම්, ඔහු මා මැරුවා වේ”යි කී ය.


“සාමදානයෙන් යන්නැ”යි රජ ඔහුට කී ය. ඔහු නැඟිට හෙබ්‍රොන් නගරයට ගියේ ය.


දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය;


දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි; ඔබට තුති පූජා පුදන්නෙමි.


ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත.


ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය.


ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය.


සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”


ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්