Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:30 - Sinhala New Revised Version 2018

30 මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:30
7 හුවමාරු යොමු  

මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.


එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.


මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි. ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය; වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.


රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.


තවද, ගිලියද් වැසියෙකු වූ බර්ශිල්ලයි, රොගේලීම් සිට අවුත්, ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ ජොර්දානෙන් මෙගොඩට ආයේ ය.


එවිට රජු සාවුල්ගේ වැඩකාරයා වන ශීබාට හඬගසා, “සාවුල්ටත්, ඔහුගේ මුළු වංශයටත් අයිති ව තිබුණු සියල්ල ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට දෙන්නෙමි.


රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්