මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
උත්පත්ති 24:61 - Sinhala New Revised Version 2018 ඉන්පසු රෙබෙකා සහ ඇගේ සේවිකාවෝ නැඟිට, ඔටුවන් පිට නැඟී ආබ්‍රහම්ගේ මෙහෙකරු කැටුව ගියහ. Sinhala New Revised Version ඉන්පසු රෙබෙකා සහ ඇගේ සේවිකාවෝ නැඟිට, ඔටුවන් පිට නැඟී ආබ්‍රහම්ගේ මෙහෙකරු කැටුව ගියහ. Sinhala Revised Old Version රෙබෙකාද ඇගේ තරුණියෝද නැගිට ඔටුවන් පිට නැගී ඒ මනුෂ්‍යයා කැටුව ගියෝය. මෙහෙකරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය. |
මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.
එකල නේගෙබ් ප්‍රදේශයෙහි පදිංචි ව සිටි ඊසාක්, ලහයි-රොයි නම් ස්ථානයේ ළිඳ අසල පාළුකරයට පැමිණ සිටියේ ය.
ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය.
දියණියනි, මා වදනට සවන් දෙන්න; ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.
‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’
එවිට අබිගායිල් කඩිනමින් කොටළුවෙකු පිට නැඟී පිටත්වුණා ය. ඇගේ තරුණියෝ පස්දෙනෙක් ද ඈ සමඟ ගියහ. එසේ ඈ දාවිත්ගේ පණිවුඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවා ය.
දාවිත් ඇඳිරි වේලේ පටන් පසු දින සවස දක්වා ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැඟී පලා ගිය තරුණයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.