Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 31:34 - Sinhala New Revised Version 2018

34 ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:34
8 හුවමාරු යොමු  

එවිට ජාකොබ් ද සූදානම් ව, තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා,


ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.


එවිට ලාබන් ජාකොබ්ගේ කූඩාරමට ඇතුළු විය. පසුව ලෙයාගේ කූඩාරමට සහ සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම්වලට ද ඇතුළු විය. එහෙත් කුල දේවතා රූප ඔහුට සම්බ නොවී ය. ඉන්පසු ඔහු ලෙයාගේ කූඩාරමින් පිට වී, රාකෙල්ගේ කූඩාරමට ඇතුළු විය.


ඈ තම පියාට කතා කරමින්, “තාත්තා ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට දැන් ඇතැ”යි කීවා ය. ලාබන් ද ඒ රූප සෙවූ නමුත් ඒවා ඔහුට සම්බ නොවී ය.


මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.


එවැන්නෙකු නැඟී යන සෑදලය අපවිත්‍ර ය.


ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.


මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්