Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:30 - Sinhala New Revised Version 2018

30 ‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:30
11 හුවමාරු යොමු  

ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි.


ඈ අත් දිග ඇඳුමක් ඇඳ සිටියා ය. රජුගේ කන්‍යා දූවරුන් එබඳු ඇඳුම් ඇඳීම සිරිතකි. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර, දොර අගුල් දැමුවේ ය.


දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.


රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;


සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”


තවද, දොරටුව සඳහා නිල් පාට, දම් පාට, ලා රතු සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද වැඩදමා ගෙතූ, මීටර් නවයක් දිග තිරයක් විය යුතු ය. ඊට කණු හතරක් හා තවු හතරක් ද තිබිය යුතු ය.


උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.


අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.


තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.


ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය. එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්