උත්පත්ති 24:28 - Sinhala New Revised Version 2018 තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය. Sinhala New Revised Version තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය. Sinhala Revised Old Version ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණා කීවාය. |
ඉන්පසු මම හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. ඇරත්, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරුගේ දියණිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින්, “තරුණිය අප සමඟ තව ටික දිනක්, අඩු ගානේ දහ දිනක් වත් සිටියා වේ. පසු ව ඈට යත හැකිය”යි පිළිතුරු දුන්හ.
ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.
තවද, තමා ඇගේ පියාගේ නෑයෙකු බවත්, රෙබෙකාගේ පුත්‍රයා බවත් ඔහු රාකෙල්ට දැන්වී ය. ඈ ද දිව ගොස් තම පියාට ඒ බව දැන්වූවා ය.
එවිට ලාබන් ජාකොබ්ගේ කූඩාරමට ඇතුළු විය. පසුව ලෙයාගේ කූඩාරමට සහ සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම්වලට ද ඇතුළු විය. එහෙත් කුල දේවතා රූප ඔහුට සම්බ නොවී ය. ඉන්පසු ඔහු ලෙයාගේ කූඩාරමින් පිට වී, රාකෙල්ගේ කූඩාරමට ඇතුළු විය.