Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:67 - Sinhala New Revised Version 2018

67 ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

67 ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

67 ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:67
16 හුවමාරු යොමු  

කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය.


ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.


අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.


සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ.


මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි.


ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය.


මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.


ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.


මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසී ය.


ආබ්‍රහම් නැවත කෙතුරා නම් බිරිඳක සරණ පාවාගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්