Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:29 - Sinhala New Revised Version 2018

29 රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 රෙබෙකාට ලාබන් නම්වූ සහෝදරයෙක් සිටියේය. ලාබන් වනාහි උල්පත ළඟ පිටත සිටි මනුෂ්‍යයා වෙතට දිව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:29
8 හුවමාරු යොමු  

ඔහු නැවත කතා කරමින්, “නාහෝර්ගේ පුත් ලාබන්, ඔබ දන්නහු දැ”යි ඇසූ විට, “අපි ඔහු දන්නෙමු”යි ඔව්හු පිළිතුරු දුන්හ.


ලාබන් තම සොහොයුරීගේ පුත් ජාකොබ්ගේ වගතුග ඇසූ විට, ඔහු හමු වීමට දිව ගොස්, ඔහු සිප වැළඳගෙන තම නිවසට ඔහු ගෙනාවේ ය.


එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින්, “තරුණිය අප සමඟ තව ටික දිනක්, අඩු ගානේ දහ දිනක් වත් සිටියා වේ. පසු ව ඈට යත හැකිය”යි පිළිතුරු දුන්හ.


මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.


මොහු තම සොහොයුරිය වන රෙබෙකා පැළඳ සිටි නාසාභරණය ද, ඇගේ අත්වලට දැමූ වළලු ද දැක, “ඒ මිනිසා මට මෙසේ කතා කෙළේ ය”යි ඈ පැවසූ වචන ඇසූ විගස ම ආබ්‍රහම්ගේ මෙහෙකරුවා වෙත පැමිණියේ ය. මෙහෙකරුවා ද ළිඳ ළඟ ඔටුවන් සමඟ සිටියේ ය.


මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.


එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න,


නැඟිට, මෙසොපොතේමියාවේ නුඹේ මවගේ පියා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න; එහි ගොස් නුඹේ මවගේ සහෝදර වූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක සරණ පාවාගන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්