එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක.
උත්පත්ති 20:3 - Sinhala New Revised Version 2018 එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක. Sinhala New Revised Version එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක. Sinhala Revised Old Version නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක. |
එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක.
එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
එවිට ඔහු සිහිනයක් දිටී ය. පුදුමයකි! පොළොවෙහි තබන ලද ඉණිමඟකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න, දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නඟිමින් ද බසිමින් ද සිටියෝ ය.
තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.
ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ.
තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය.
එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ.
ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.
දෙවියන් වහන්සේ ද රාත්‍රියේ දී ජාකොබ්ට දර්ශනය වී, “ජාකොබ්, ජාකොබ්” කියා ඔහු ඇමතූ සේක. ඔහු, “මම මෙහි ය” කියා උත්තර දුනි.
ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,
එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
එකල්හි, ඔවුන්ට තාඩන පීඩන කරන්න එතුමාණෝ කිසිවෙකුට ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ රජුන්ට පවා තරවටු කොට,
ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, “තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය.
එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.
තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය.