Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 20:4 - Sinhala New Revised Version 2018

4 එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, “ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, “ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 20:4
7 හුවමාරු යොමු  

දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “සෙනඟ ගණන් කරන්න අණ කළ තැනැත්තා මම නොවෙම් ද? පව් කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ මම ය. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ! මාගේ දෙවි සමිඳාණන් වහන්ස, පහර දීම පිණිස ඔබේ හස්තය ඔබේ සෙනඟ පිට නොව මා පිටත්, මාගේ පිය වංශය පිටත් පැමිණේවා”යි කීවේ ය.


තමාගේ ගෙයි, තමාගේ යහනේ සිටිය දී, දැහැමි මිනිසෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්නට යුතු ද? එබැවින් ඔහුගේ ලේ වැගිරීමේ වරදට ඔබෙන් පළි ගෙන ඔබ දැන් මිහි පිටින් පහ කරදැමීම මට යුතු නො‍වේ දැ”යි ඇසුවේ ය.


දෙවියන් වහන්සේ ද ස්වප්නයක් මඟින් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මෙය කෙළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධ ව පව් කිරීමෙන් මම ද නුඹ වළක්වාලීමි; ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසා ය.


එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.


ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්