Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:21 - Sinhala New Revised Version 2018

21 ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔවුන්ට අයුක්තියක් කරන්ට උන්වහන්සේ කිසිම මනුෂ්‍යයෙකුට ඉඩ නුදුන්සේක; එසේය, උන්වහන්සේ ඔවුන් නිසා රජුන්ට තරවටුකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:21
9 හුවමාරු යොමු  

එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.


එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක.


මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.


ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.


තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.


ඔව්හු, ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද ගියෝ ය.


ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්