ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක; ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.
2 සාමුවෙල් 23:7 - Sinhala New Revised Version 2018 ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.” Sinhala New Revised Version ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.” Sinhala Revised Old Version ඒවා අල්ලන මනුෂ්‍යයා යකඩ සහ හෙල්ල මිටක්ද රැගෙන සිටිය යුතුය; ඒවා තිබෙන තැනම මුළුමනින් ගින්නෙන් දවා දමනු ලබන්නේය. |
ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක; ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.
නුඹලා පුළුස්සනු ලබන හුණු ගල් මෙන් ද කපා ගින්නෙහි දවාලනු ලබන කටු පඳුරු මෙන් ද වන්නහු ය.
“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.
ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”
එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.
එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”
යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.
එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.
එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.
එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.