Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:27 - Sinhala New Revised Version 2018

27 එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 එහෙත්, මා තමන්ට රජකම් කරනවාට විරුද්ධ වූ මාගේ සතුරන් මෙහි ගෙනවුත්, මා ඉදිරියේ මරා දමනු’ යි අණ කළා” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:27
23 හුවමාරු යොමු  

එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.


එහි උන් වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය.


එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගො‍ස් අන්ධකාරයට නෙරපාදමන සේක.


නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.


ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.


අන්න, සවන් දෙන්න; ඝෝෂාව නුවරින් පැමිණෙන්නේ ය. දේව මාලිගාවෙන් හඬක් නික්මෙන්නේ ය. ඒ වනාහි, සමිඳුන් සතුරන්ට දඬුවම් දීමේ හඬ ය.”


ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”


මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”


එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, “සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය.


ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.”


මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්