Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:7 - Sinhala Revised Old Version

7 ඒවා අල්ලන මනුෂ්‍යයා යකඩ සහ හෙල්ල මිටක්ද රැගෙන සිටිය යුතුය; ඒවා තිබෙන තැනම මුළුමනින් ගින්නෙන් දවා දමනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:7
14 හුවමාරු යොමු  

නුමුත් කටුගස්ද ගොකටුද දරනවා නම් එපාකරනු ලැබ, ශාපයකට ළංව තිබේ; එහි කෙළවර දවනු ලැබීමය.


එවිට නොපනත්කම් කරන්නා එළිදරව්වන්නේය. ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ ප්‍රකාශවීමෙන් නාස්තිකරනසේක.


නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.


යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.


එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.


එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.


ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය.


මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි.


කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.


ජනයෝ හුණු පිළිස්සීම් මෙන්ද කපා ගින්නෙන් දවාදමනු ලබන කටුගස් මෙන්ද වන්නෝය.


මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා සහ කටු ගස් මෙන් වන්නේවී නුමුත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසයකරන්නේවී නුමුත්, ඔවුන්ටවත් ඔවුන්ගේ වචනවලටවත් භය නොවන්න, ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ගේ වචනවලට භය නොවන්න, ඔවුන්ගේ මුහුණුවලට නොකැලඹෙන්න.


ඔබ ඔවුන්ගේ වංශය පොළොවෙන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් මනුෂ්‍ය පුත්‍රයන් අතරෙන්ද විනාශකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්