Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:8 - Sinhala New Revised Version 2018

8 දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාම මේවාය: අධිපතීන්ට ප්‍රධානවූ තාකෙමොනිය යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය; ඔහු එක් වතාවකදී අටසිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:8
8 හුවමාරු යොමු  

පළමු වැනි මාසයට කාණ්ඩය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.


දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකු ව, තේරුම් ඇති මනුෂ්‍යයෙකු ව, ලේකම් කෙනෙකු ව සිටියේ ය. හක්මෝනිගේ පුත් ජෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේ ය.


එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.


ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.


ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.


දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය.


අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද කාණ්ඩවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක කාණ්ඩයට විසිහතරදහසක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්