මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.
2 සාමුවෙල් 15:28 - Sinhala New Revised Version 2018 මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය. Sinhala New Revised Version මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය. Sinhala Revised Old Version මෙන්න, මට දන්වන්ට නුඹලාගෙන් ආරංචි ලැබෙන තුරු කාන්තාරයේ සමභූමිවල නවතින්නෙමියි කීවේය. |
මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.
එවිට ශාදොක් ද අබියාතර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නැවත ජෙරුසලමට ගෙන ගොස් එහි නැවතී සිටියහ.
“මේවා මොනවාට දැ”යි රජ ශීබාගෙන් ඇසී ය. ශීබා ද, “කොටළුවන්, රජ්ජුරුවන්ගේ පවුලේ අයට නැඟී යන පිණිස ය; රොටි හා පලතුරු තරුණයන්ට කන්නටත්, මුද්‍රික පානය පාළුකරයේ දී වෙහෙසෙන්නන්ට බොන්නටත් ය”යි පිළිතුරු දුන්නේ ය.
අහිතොපෙල් අබ්සලොම්ට කතා කොට, ‘මිනිසුන් දොළොස්දහසක් තෝරාගෙන, අද රාත්‍රියේ පිටත් ව, දාවිත් පස්සේ ලුහුබැඳ යන්නට මට අවසර ලැබේවා.
එබැවින් දැන් ඉක්මනින් පණිවුඩයක් යවා, ‘රජු ද මුළු සෙනඟ ද නැති නොවන පිණිස, අද රාත්‍රියේ පාළුකරයේ සමභූමිවල නොනැවතී, කොහොම නමුත් එගොඩ විය යුතු ය’යි දාවිත් රජුට දන්වන්නැ”යි කීවේ ය.
ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.