Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:28 - Sinhala Revised Old Version

28 මෙන්න, මට දන්වන්ට නුඹලාගෙන් ආරංචි ලැබෙන තුරු කාන්තාරයේ සමභූමිවල නවතින්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:28
6 හුවමාරු යොමු  

එබැවින් දැන් ඉක්මනින් පණිවිඩයක් යවා: රජුද ඔහු සමඟ මුළු සෙනඟද නැතිනොවන පිණිස අද රෑ කාන්තාරයේ සමභූමිවල නොනැවතී කොහොම නුමුත් එගොඩවෙන්ට ඕනෑයයි දාවිත්ට දන්වන්නැයි කීවේය.


මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.


තවද අහිතොපෙල් අබ්සලොම්ට කථාකොට: මනුෂ්‍යයන් දොළොස් දහසක් තෝරාගෙන අද රාත්‍රියේ පිටත්ව දාවිත් පස්සේ එළවාගන යන්ට මට අවසර ලැබේවා.


මේවා මොකටදැයි රජ ශීබාගෙන් ඇසුවේය. ශීබාද: කොටළුවන් රජ්ජුරුවන්ගේ පවුලට නැගීයන්ටත් රොටි හා ඉඳිඵල යෞවනයන්ට කන්ටත් මුද්‍රිකපානය කාන්තාරයේදී වෙහෙසෙන්නන්ට බොන්ටත්යයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.


එබැවින් ශාදොක්ද අබියාතර්ද දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත යෙරුසලමට ගෙනගොස් එහි සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්