Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:27 - Sinhala New Revised Version 2018

27 රජ පූජක වූ ශාදොක්ට තවදුරටත් කතා කොට, “හොඳින් බලන්න. ඔබේ පුත් අහීමයාශ් ද අබියාතර්ගේ පුත් ජොනතන් ද යන ඔබේ පුත්‍රයන් දෙදෙනා සමඟ ඔබ ද අබියාතර් ද සාමදානයෙන් නගරයට පෙරළා යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 රජ පූජක වූ ශාදොක්ට තවදුරටත් කතා කොට, “හොඳින් බලන්න. ඔබේ පුත් අහීමයාශ් ද අබියාතර්ගේ පුත් ජොනතන් ද යන ඔබේ පුත්‍රයන් දෙදෙනා සමඟ ඔබ ද අබියාතර් ද සාමදානයෙන් නගරයට පෙරළා යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 රජ පූජකවූ ශාදොක්ට තව දුරටත් කථාකොට: නුඹට තේරෙනවාද? නුඹේ පුත්‍රවූ අහිමයාශ්ද අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද යන නුඹලාගේ පුත්‍රයන් දෙදෙනා සමඟ සමාදානයෙන් නුවරට හැරීයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:27
11 හුවමාරු යොමු  

ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නො‍දකින පිණිස ය.


පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී දිවැස් ඇත්තා යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.


ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක.


දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: “නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න:


ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත් අහීමයාශ් හා අබියාතර්ගේ පුත් ජොනතන් ද එහි ඔවුන් සමඟ සිටිති. ඔබ හැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැ”යි කී ය.


එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.


සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය.


ඔහු කතා කරද්දී ම අබියාතර් පූජකවරයාගේ පුත් ජොනතන් පැමිණියේ ය. එවිට අදොනියා ඔහුට කතා කොට, “ඇතුළට එන්න, ඔබ අවංක මිනිසෙකි, ඔබ සුබ ආරංචි ගෙනෙනු ඇතැ”යි කීවේ ය.


නප්තලීගේ පෙදෙසෙහි විසූ අහීමයාශ් ය; ඔහු ද සලමොන් රජුගේ දුව වන බාසෙමත් භාර්යාව කොට පාවාගෙන තිබිණි.


අහිතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව අහීමයාශ් ද;


එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, “සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්