ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය.
2 රාජාවලිය 25:1 - Sinhala New Revised Version 2018 ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය. Sinhala New Revised Version ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය. Sinhala Revised Old Version තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය. |
ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය.
ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.
බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,
සමිඳාණන් වහන්සේ නෙබුකද්නෙශර් අතින් ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද වහල්කමට හරින විට ජෙහෝශාදාක් ද ගියේ ය.
ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ.
“යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.
“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. බලව, මම මේ නගරය බබිලෝනිවරුන්ගේ අතටත්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත් පවරා දෙමි. ඔහු මේ නගරය අල්ලාගන්නේ ය.
ජුදා මට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින්, මුරකරුවන් කෙතක් වටකර සිටින්නාක් මෙන් සතුරන් ජෙරුසලම වටලනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.
ඉන්පසු ඔවුන්ට කතා කොට ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න. ‘බලන්න, මම මිනිසුන් යවා මාගේ සේවක, බබිලෝනියේ රජු වන, නෙබුකද්නෙශර් ගෙන්වා, මා සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය පිහිටුවන්නෙමි. ඔහු ද තමාගේ රාජකීය සේසත එයට ඉහළින් තබනු ඇත.
“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
“බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තෙමේ ජෙරුසලම විනාශ කර, පාගා, පොඩි කරදමා එය හිස් භාජනයක් මෙන් කරනු ඇත. ඔහු රකුසෙකු මෙන් ජෙරුසලම ගිලදමා, එහි ප්‍රිය වූ දේවලින් තමාගේ කුස පුරවාගෙන ඉතිරි හරිය ඉවතට විසි කෙළේ ය.
ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය.
එඬේරු සිය පට්ටි රැගෙන ඈට විරුද්ධ ව පැමිණෙති. ඔව්හු ඈ වටලා, සිය කූඩාරම් පිහිටුවා, තමන් රිසි සේ නිල් තණ කවන්නෝ ය.
“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, අත් දෙක එකට තට්ටු කරන්න. එවිට කඩුව නැවත නැවත පහර දෙන්නේ ය. එය මාරක කඩුවකි; බිය ගන්වන කඩුවකි; විනාශ කරන කඩුවකි.
කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි.
නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.