Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 25:1 - Sinhala Revised Old Version

1 තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 25:1
33 හුවමාරු යොමු  

මම නුඹට විරුද්ධව හාත්පසින් අන්දායම් බැඳ, කොටුවක් තනා, නුඹට විරුද්ධව ගොඩැලි සාදන්නෙමි.


ස්වාමීන්වහන්සේ නෙබුකද්නෙශර් අතින් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වාල්කමට හරින විට යෙහෝශාදාක්ද ගියේය.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම රජවරුන්ගේ රජ වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අසුන් සහ රථද අසරුවන් සහ සමූහයක්ද බොහෝ සෙනඟද ඇතුව උතුරෙන් තීර්ට විරුද්ධව පමුණුවන්නෙමි.


බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.


ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම මිනිසුන් යවා මාගේ සේවකයා වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ගෙන්වා, මා විසින් සඟවා තැබූ මේ ගල් පිට ඔහුගේ සිංහාසනය තබන්නෙමි; ඔහුද තමාගේ රාජකීය සේසත ඒවා උඩ තබනවා ඇත.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර කල්දිවරුන් අතටත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් භාරදෙමි, ඔහු ඒක අල්ලාගන්නේය.


මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය.


ඔහුගේ දවස්වලදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් පැමිණියේය, යෙහෝයාකිම්ද තුන් අවුරුද්දක් ඔහුට සේවයකොට පසුව ඔහුට විරුද්ධව කැරළිගැසුවේය.


මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලා තිබුණේය.


යෙරුසලම මට විරුද්ධව කැරළිගැසූ බැවින් කෙතක රැකවලුන් මෙන් ඔව්හු ඈ වටකරගෙන සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එඬේරු ඔවුන්ගේ රැළවල් ඇතුව ඈ ළඟට එන්නෝය; ඔව්හු ඈට විරුද්ධව වටකර තමුන්ගේ කූඩාරම් පිහිටුවා, තම තමුන් සිටින තැන්වලදී උන් කවන්නෝය.


ඔව්හු කථාකොට: අනේ, අප උදෙසා ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්න; මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අපට විරුද්ධව යුද්ධ කරන්නේය. සමහරවිට ඔහු අප වෙතින් අහක්ව යන හැටියට ස්වාමීන්වහන්සේ ස්වකීය සියලුම පුදුම ක්‍රියා ප්‍රකාරයට අප ගැන ක්‍රියාකරනවා ඇතැයි කීවෝය.


යූදාහි රජවූ ශෙදෙකියාගේ දසවෙනි අවුරුද්ද වන නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


ඉශ්‍රායෙල් විසිරගිය බැටළුවෙක්ය; සිංහයෝ ඔහු පන්නාදැමුවෝය. පළමුකොට අෂූර්හි රජ ඔහු ගොදුරට ගත්තේය; අන්තිමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔහුගේ ඇට බින්දේය.


එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි අනාගතවාක්‍ය කියමින්, අත් දෙක එකට ගසන්න; කඩුව එනම් මරණීය තුවාල ලැබූ අය මරාදැමූ කඩුව නැවත තුන්වෙනි වරට පැමිණේවා. එය නම් මරණීය තුවාල ලැබූ උත්තමයා මරාදැමූ කඩුවය, එය ඔවුන්ගේ ඇතුල් ගෙවලට වදින්නේය.


අපේ වහල්කමේ විසිපස්වෙනි අවුරුද්ද වන නුවර අසුවීමෙන් පසු දහතරවෙනි අවුරුද්දේ පටන්ගැන්මේදී මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේගේ හස්තය මා පිටට පැමිණ උන්වහන්සේ එතනට මා ගෙනාසේක.


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.


තවද බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ සත්වෙනිදා බබිලෝනියේ රජුගේ සේවකයෙක්වූ රැකවලුන්ගේ අධිපතිවූ නෙබු-සරදාන් යෙරුසලමට ඇවිත්,


සෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.


ඒ කාලයේ බබිලෝනියේ රජුගේ සේනාව යෙරුසලම වටලාගන සිටියාය. අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඩස්සිවී සිටියේය.


ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්