මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.
2 රාජාවලිය 19:21 - Sinhala New Revised Version 2018 ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය. Sinhala New Revised Version ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය. Sinhala Revised Old Version ඔහු ගැන ස්වාමීන්වහන්සේ කියන වචනය මේය–සියොනේ කන්‍යා දුව නුඹ සුළුකරනවාය, නුඹට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව නුඹට ඉස වනනවාය. |
මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.
අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
ජෙරුසලම වනාහි මිදි වත්තක මඩුවක් මෙන් ද කැකිරි වත්තක පැල්පතක් මෙන් ද ආරක්ෂා රහිත වූ වටලනු ලැබූ නගරයක් මෙන් ද යන්තමින් ඉතිරි වී ඇත.
“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.
බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න. තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය.
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
“එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.
එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.
එම්බා, මිසර වැසියෙනි, ගිලියද්ට ගොස්, ගුගුල් නම් ඖෂධය ලබාගන්න. නුඹ බොහෝ බෙහෙත් පාවිච්චි කිරීම නිෂ්ඵල ය. නුඹට සුවයක් නැත.
මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.
ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද? ඔබ කුමකට සමාන කරම් ද? අනේ සියොන් කන්‍යා පුරඟන, මම ඔබ සනසන පිණිස ඔබට කුමක් කරම් ද? ඔබේ විපත මුහුද මෙන් විශාල ය; ඔබට සුවය දෙන්නේ කවරෙක් ද?
මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති. ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, “ ‘ලෝකයේ අභිමානය ය; මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.
ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.
“ඉශ්රායෙල් කන්‍යාව වැටී ඇත, යළි නැඟිටීමක් ඈට නැත. පොළොව මත ඈ වැටී සිටියි. උදව් දෙන්නට කවුරුත් නැත.”
එම්බා සෙනඟගේ මුර අට්ටාලය, සියොන් පුරඟනගේ බලකොටුව, ඔබ වෙත නැවතත් පළමු ආණ්ඩුව පැමිණෙන්නේ ය. ජෙරුසලම් පුරඟනගේ රාජ්‍යය පැමිණෙන්නේ ය.
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.