Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 18:13 - Sinhala New Revised Version 2018

13 “එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙයාකාර දේ ඇසුවේ කවුද කියා ජාතීන් අතරෙහි විභාගකරන්න; ඉශ්‍රායෙල් කන්‍යාව ඉතා භයංකර දෙයක් කළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 18:13
14 හුවමාරු යොමු  

පුදුම, භයංකර සිද්ධියක් දේශයෙහි සිදු වී ඇත.


භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.


ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.


මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද? කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද? එක මොහොතකින් ජාතියක් බිහි වේ ද? සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.


එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.


“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.


මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.


මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.


එවිට හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් ව සිටි ෂෙබ්නා ද ජෝවා ද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්-ෂාකේ කී දේ ඔහුට සැළ කළෝ ය.


ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය.


ලෙබනොන්හි උස් කඳුවල හිම නැති වන කලක් ඇද් ද? කඳුකරේ ගලා එන සිසිල් දිය දහර සිඳී යන කලක් ඇද් ද?


අහෝ ඉශ්රායෙල් ජනයෙනි! ඔබ හැම ගැන නඟන මාගේ මේ විලාපයට සවන් දෙන්න:


“ඉශ්රායෙල් කන්‍යාව වැටී ඇත, යළි නැඟිටීමක් ඈට නැත. පොළොව මත ඈ වැටී සිටියි. උදව් දෙන්නට කවුරුත් නැත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්