ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 16:15 - Sinhala New Revised Version 2018

ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පූජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 16:15
25 හුවමාරු යොමු  

මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.


ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය.


ඔහු වටකුරු පොකුණක් වාත්තු කර සෑදුවේ ය. එය ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම දෙකකි. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි.


එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.


ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය.


ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය.


පසු දා උදය පූජාව ඔප්පු කරන වේලාව පමණේ දී ඒදොම් දිශාවෙන් වතුර අවුත් එයින් රට පිරී ගියේ ය.


සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.


සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.


සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.


මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.