Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 16:15 - Sinhala Revised Old Version

15 ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පූජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 16:15
25 හුවමාරු යොමු  

ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය.


එම දවසේ රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය.


මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.


දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.


ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.


ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.


එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.


ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.


ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.


සභාව ගෙනා දවන පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත් බැටළුවන් සියයකුත් බැටළුපැටවුන් දෙසියයකුත්ය. මේ සියල්ල ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිසය.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.


පසුවදා උදය පූජාව ඔප්පුකරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර ඇවිත් එයින් රට පිරීගියේය.


ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය.


මාගේ ස්වාමියා බොන්නෙත් ශාස්ත්‍ර කියන්නෙත් මේකෙන් නොවේද? නුඹලා කළේ නපුරු ක්‍රියාවකැයි කියන්නැයි කීවේය.


ආහාස් රජු අණකළ සියල්ල ලෙස පූජකවූ උරියා කෙළේය.


ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්