2 තිමෝති 4:16 - Sinhala New Revised Version 2018 මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. Sinhala New Revised Version මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. සිංහල කාලීන පරිවර්තනය මගේ මුල් නඩු වාරයේ කිසිවකු මා සමඟ සිටියේ නැත. සැවොම මා අතහැර ගියහ. එය ඔවුන්ට එරෙහිව ගණන් නො ගැනේවා! Sinhala Revised Old Version මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමඟ නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයෙදේවා. |
ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න.
ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි.
මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්රදායයක් නොවේ ය’යි කීවෙමි.
ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.
දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත.
මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්රිස්තුන් වහන්සේ ප්රකාශ කරති.
ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය.
මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.
ඔබගේ සිතින් ක්රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.