Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 22:1 - Sinhala New Revised Version 2018

1 “සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 “සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 22:1
21 හුවමාරු යොමු  

ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,


මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා.


ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.


මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.


ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය.


මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.


දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්‍රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්‍යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත.


මට අභියෝග කරන්නන්ට මගේ පිළිතුර මේ ය.


ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද, ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අබිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙය යි.


තුන් දවසකට පසු පාවුලු ජුදෙව් ප්‍රධානියන් රැස් කරවාගත්තේ ය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට: “සහෝදරයෙනි, මම සෙනඟට වත් අපේ පරම්පරාගත සිරිත්විරිත් වලට වත් විරුද්ධ ව කිසි දෙයක් නොකෙළෙමි. එහෙත් හිරකරුවෙකු මෙන් ජෙරුසලමෙන් රෝමවරුන්ගේ අත්වලට භාර දෙනු ලැබීමි.


ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: “පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය.


මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.


පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය.


කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි.


සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, “සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය.


පාවුලු ඉතා ඕනෑකමින් මන්ත්‍රණ සභාව දෙස නෙත් යොමා, “සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව හැසුරුණෙමි”යි කී ය.


ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය.


“සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය.


ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න.


ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්