Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 3:15 - Sinhala New Revised Version 2018

15 ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ශුද්ධ කොට සලකා, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලීව හා ගරු සැලකිල්ලෙන් යුතුව එසේ කළ යුත්තේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 3:15
34 හුවමාරු යොමු  

රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.


ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත.


එබැවින් ඔබටත්, ඔබේ පියවරුන්ටත් සමිඳාණන් වහන්සේ කළ සියලු බලවත් ක්‍රියා ගැන මා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබට මතක් කර දෙන පිණිස නිශ්චල ව සිටින්න.


ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.


ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.


එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද


රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.


ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය.


එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.


එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.


එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.


ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න.


‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.


මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහු ය. එවිට මා, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහු ය.


තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.


එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.


පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, “දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය.


එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.


මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)


දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.


එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.


“සෙනඟ කුමන්ත්‍රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්‍රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්