ජූදස්ගේ පැමිණීම ගැන සැළ වූ විට තිමෝතියස් ගත් පළමු පියවර වූයේ, අඹුදරුවන් ද ඔවුන් පිරිවරාගත් බඩු බාහිරාදිය ද කර්ණයිම් යයි කියන ලද ස්ථානයට පිටත් කර යැවීම ය. මන්ද, ඊට ඇතුළු වන මාර්ග පටු ව එහි පැමිණීම දුෂ්කර ව තිබුණු බැවින්, එම ස්ථානය බිඳ හෙළිය නොහැකි ව තිබිණි.