තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.
2 ලේකම් 18:10 - Sinhala New Revised Version 2018 කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. Sinhala New Revised Version කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. Sinhala Revised Old Version කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය. |
තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.
සියලු දිවැසිවරු එසේ ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනව. සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජ වස්ත්‍ර හැඳ තම තමන්ගේ සිංහාසනවල හිඳගත්හ. ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩි වී සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරියෙහි දිවැස් වැකි කියමින් සිටියහ.
මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ.
‘මම සිහිනයක් දිටිමි, සිහිනයක් දිටිමි’ කියමින් මාගේ නාමයෙන් බොරුවට දිවැස් වැකි කියන දිවැසිවරුන්ගේ කියුම් මා අසා ඇත.
තවද, ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කියමින් තමන්ගේ ම වචන පවසන දිවැසිවරුන්ටත් මම විරුද්ධ වෙමි.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “වියබාන් හා වියගස් සාදාගෙන ඔහුගේ ගෙල වටේ දමාගන්නැ”යි වදාළ සේක.
“සියලු බලැති සමිඳාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් බොරු දිවැස් වැකි ඔබ හැමට කියන කෝලායාගේ පුත් ආහබ් ද මයසේයාගේ පුත් ශෙදෙකියා ද ගැන උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතට පාවා දෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ම ඔවුන් මරන්නේ ය.
මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?
එහි දිවැසිවරු ද මායම්කාර දර්ශන දැක, බොරු පේන පවසා, සමිඳාණන් වහන්සේ කතා නොකළ නමුත්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක’ කියා බිත්තියක හුණු ගාන්නාක් මෙන් සිය පාප වසන් කරගත්හ.
යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.