Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:10 - Sinhala Revised Old Version

10 කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:10
15 හුවමාරු යොමු  

යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය.


ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.


නුඹලා නිෂ්ඵල දර්ශනයක් දකින්ටත් බොරු දිවස් කියන්ටත් යෙදුණා නොවේද? මා කථා නොකළ නුමුත්: ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹලා කියන්නහුය.


මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ, කෝලායාගේ පුත්‍රවූ අහාබ්ද මයසේයාගේ පුත්‍රවූ ශෙදෙකියාද ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවාදෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුවෙහි ඔවුන් මරන්නේය.


ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: නුඹ වියබාන් සහ වියගස් සාදාගෙන නුඹේ බෙල්ලේ තබාගන්න;


බලව, තමුන්ගේ දිව පාවිච්චිකොට: උන්වහන්සේ කියනසේකැයි කියන ප්‍රොපේතවරුන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමියි කියා මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියන ප්‍රොපේතවරුන් කියන දේ ඇසීමි.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


නුඹලාට සමාදානය වන්නේය කියා ස්වාමීන්වහන්සේ කියා තිබේයයි මා සුළුකරන්නන්ට ඔව්හු කිය කියා සිටිති; විපතක් නුඹලා පිටට නොපැමිණෙන්නේයයි තමුන්ගේ සිත්වල මුරණ්ඩුකමේ හැසිරෙන සියල්ලන්ටද ඔව්හු කියති.


තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඉශ්‍රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද රාජවස්ත්‍ර හැඳ තම තමුන්ගේ සිංහාසනවල හිඳගත්තෝය, ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩිවී උන්නෝය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරියෙහි අනාගතවාක්‍ය කීවෝය.


සියලු ප්‍රොපේතවරුද එසේම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් සඵලවුණ මැනවි. ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්