Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:21 - Sinhala New Revised Version 2018

21 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:21
12 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.


සමිඳාණන් වහන්සේ ඒ දිවැසිවරුන් නොඑවූ බවත්, උන් වහන්සේගේ නමින් ඔවුන් බොරු කියන බවත් සමිඳාණන් වහන්සේ ම වදාළ සේක. ඒ නිසා, උන් වහන්සේ ඔබ ද ඔබට දිවැස් වැකි පවසන දිවැසිවරුන් ද පලවා හරින සේක. ඔබ සියල්ලන් ම මරු මුවට පත් වනු ඇත.”


ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ.


“ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා “පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක.


“බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක.


මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’


තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.


එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.


යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.


බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති.


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්