Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 29:21 - Sinhala New Revised Version 2018

21 “සියලු බලැති සමිඳාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් බොරු දිවැස් වැකි ඔබ හැමට කියන කෝලායාගේ පුත් ආහබ් ද මයසේයාගේ පුත් ශෙදෙකියා ද ගැන උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතට පාවා දෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ම ඔවුන් මරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “සියලු බලැති සමිඳාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් බොරු දිවැස් වැකි ඔබ හැමට කියන කෝලායාගේ පුත් ආහබ් ද මයසේයාගේ පුත් ශෙදෙකියා ද ගැන උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතට පාවා දෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ම ඔවුන් මරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ, කෝලායාගේ පුත්‍රවූ අහාබ්ද මයසේයාගේ පුත්‍රවූ ශෙදෙකියාද ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවාදෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුවෙහි ඔවුන් මරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:21
8 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරා ඇත: මම නුඹත්, නුඹේ මිත්‍රයනුත් අධික භීතියකට පත්වන්නට සලස්වන්නෙමි. ඔව්හු තමන්ගේ සතුරන්ගේ කඩුවෙන් මැරුම් කන්නෝ ය. නුඹ එය නුඹේ ම ඇස්වලින් දකින්නෙහි ය. මම මුළු ජුදා දේශය බබිලෝනි රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේ ය.


එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”


ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.


“බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය.


ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.


පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්